Saturday, November 5, 2011

වැටෙන්න එපා නැගිටින්න අමාරුයි

ජීවිතය සහ ජීවන තොරතුරු දැනගැනීමට මිනිසත් බව ලැබූ සියලු දෙනාම මහත් අභිරුචියක්‌ දක්‌වයි. එහෙත් මේ ආශාව කොතරම් දුරට ඉෂ්ට වෙනවාද යන්න තීරණය කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. මේ දුෂ්කරතාව මගහරවා ගැනීමට නම් "තම තම නැණ පමණින් දැනගත යුතු" යන ආදර්ශ පාඨය අනුව එදිනෙදා කටයුතු වල නිතර විය යුතුය. එසේ නොමැතිව විටින් විට ඇතිවන හැම පීඩාවක්‌ හමුවේදීම අපල කාලය ලබා ඇතැයි සිතා හිසරදයට කොට්‌ටය මාරු කරන්නා සේ ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රඥයින් හෝ ගුප්ත විද්‍යාධරයින් පසුපස හඹායැම නොකළ යුතුය.

විධාත්‍රා ලිඛිතා යා සෞ - ලලාටෙක්‍ෂර මාලිකා

දෛවඥසනාං පඨෙදව්‍යකතං - හොරා නිර්මල චක්‍ෂුසා

මහා බ්‍රහ්මයා විසින් යමෙකුගේ නළලෙහි ලියන ලද අකුරු පෙළක්‌ වේද හෝරා ශාස්‌ත්‍ර නමැති ඇසින් දෛවඥයෝ ඒ අකුරු පෙළ පැහැදිළිව කියවති. ඒ අනුව උපන් තැනැත්තා තමන් සතු හැකියාවෙන් හෝ ශාස්‌ත්‍ර ඥනයෙන් ජීවනෝපාය මාර්ග සළසා ගත යුතුය. ස්‌වකීය උත්සහාය විපත් නමැති මුහුද තරණය කිරීමට ඉවහල් වන යාත්‍රාවක්‌ හා සමාන වෙයි. ගමන් යන කල මිත්‍රයෙක්‌ හා සමාන වෙයි.

සම්පත්තිකර මහා මේඝයෙන් පසුව ජලමය වූ මේ පොළෝ තලය ඇසුරු කොට රශ්මි ධාරාවන් විහිදුවමින් සූර්යයා ප්‍රධාන නැකැත් තරු මේ ලෝකයට පහළ වූ අතර ඒ හේතුවෙන් දවස, පක්‍ෂ, මාස, සෘතු, අවුරුදු ආදී කාල ප්‍රභේද පහළ විය. සැහැල්ලු තත්ත්වයේ සිට රළු ස්‌වභාවය දක්‌වා නිමැවුණු ජීවීන්ද, මිනිස්‌ වර්ගයාද, වෘක්‍ෂ ලතාවෝද ඒවාට අනුරූපව පහළ වී ඇත. මේ ග්‍රහ තරු සමූහය මණ්‌ඩල (රාශ්‍රි) දොළහකින් යුක්‌ත වෙයි. රාශි දොළහ අනුව සහ ග්‍රහ පිහිටීම අනුව දක්‍ෂ තේජවන්ත, සැහැසි ගති ඇති මිනිස්‌සුද, මුදු මොළොක්‌ සෞම්‍ය ගති ඇති මිනිස්‌සුද උපදවනු ලබති. ඒ අයට උපතින් හිමිවන ග්‍රහ පිහිටීම අනුව සුබ සහ අසුබ දසා සහ අන්තර් දසාවන්ද ග්‍රහයන්ගේ ගමන් කිරීමේ ඵලයද හිමිවේ. ග්‍රහ අපල සහ සුබ ඵල උදාවන්නේ ඒ අනුවය. එබැවින් ග්‍රහ අපලය සහ සඵලය යනුවෙන් ප්‍රකාශ වන්නේ සූර්යාලෝකය ඇති අවස්‌ථාවේ දවල් එළියත් නැති අවස්‌ථාවේ අඳුරත්, පසළොස්‌වක පොහොය දිනයේ සෞම්‍ය වූ සඳ එළියත් අමාවක පොහොය දිනයේ තද කළුවරත් ඇතිවනවා හා සමාන තත්ත්වයක්‌ බව අවබෝධකර ගත යුතුය. ග්‍රහ අපලය මහත් දුකක්‌ ලෙස සළකන සියලු දෙනාටම සිදු වන්නේ නැගී සිටිය නොහැකි සේ වැටී සිටීම පමණකි.

මේෂ, සිංහ, ධනු රාශි නැගෙනහිර දිශාවටද, වෘෂභ, කන්‍යා මකර රාශි දකුණු දිසාවටද, මිථුන, තුලා, කුම්භ රාශි බටහිර දිශාවටද, කටක, වෘශ්චික, මීන යන රාශි උතුරු දිශාවටද හිමි වන අතර, හිරු කිවි කුජ රාහු සනි සඳු බුද ගුරු යන ග්‍රහයෝ අට දිශාවටද අධිපති වෙයි. මේවයින් නැගෙනහිර දිසාවට හිමි රාශියක්‌ ජන්ම කේන්ද්‍රයේ බටහිර දිශා ගතවීම, දකුණු දිශාවට හිමි රාශි උතුරු දිශා ගතවීම ඒ ඒ දිශාභිමුඛ ග්‍රහයන් ප්‍රතිවිරුද්ධ දිශාගත රාශිවල බල දුබල වශයෙන් පිහිටීම සහිතව ජන්ම කේaන්ද්‍ර ගතවීම අනුව හිමිවන ජීවන තොරතුරු මහා බ්‍රහ්මයා විසින් නළලේ සටහන් කර ඇති අකුරු පෙළක්‌ ලෙසද නැකැත් තරු පිළිබඳ අවබෝධයක්‌ ඇති අය (ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රයන්) ඒවායේ ඵල අපල පැහැදිළි කරන අය පමණක්‌ බවද අවබෝaaධ කරගත යුතුය. මෙම ග්‍රහ පිහිටීම අනුව උදාවන සුබපල වැඩි කරන්නට සහ රඳවා ගැනීමට හැකි මාර්ග පැහැදිළි කරන්නට හෝ උදාවන අපල අඩු කරන්නට සහ උදා නොවන්නට හැකි මාර්ග පැහැදිළි කර දෙන්නට හෝ හැකියාවක්‌ ජොHdතිෂ්ශාත්‍රඥයාට නැත. ඒ සඳහා සුදුසු පියවර තැබීම යුත්තේ තමා විසින්මය. ජ්‍යෙdතිෂවේදීන් වශයෙන් ප්‍රකාශ කළ හැකිව ඇත්තේ වැටෙන්න එපා, නැගිටින්න අමාරුයි" යන උපදේශය සැපයීම පමණකි.

රාශි සහ භාවයන්ගේ පිහිටීම් අනුව ඇතිවන සුබ සහ අසුබ ඵල පිළිබඳවද විකෘතිතාවයන් පිළිබඳවද මා විසින් "නැකත" අතිරේකයේ ඵල කරන ලද "භාව දොළසින් කියවෙන ඔබේ ගතිගුණ සහ ඔබේ යහගුණ යන ලිපිවල විස්‌තර කර ඇති බැවින් මෙම ලිපියට ඇතුළත් නොකරන අතර අනාගත ඵල, අනාවැකි පිළිබඳව අපේක්‍ෂා කරන සියලු දෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමු කරන ලෙසද කාරුණිකව සඳහන් කරමි. එසේම ලිපි කියවා පිළිතුරු අපේක්‍ෂාවෙන් මා වෙතින් විමසන ලද හැමට පලාඵල සහ අනාවැකි පැවසීමද දුෂ්කර කාර්යයක්‌ වන නිසා සියලු දෙනාටම අනුගමනය කළ හැකි , නොපමාව ඵල ලැබිය හැකි, කිසිවෙකුගේ හෝ පෙළඹවීමකින් තොරව, ඔබේ සිතට එකඟව, ඔබේ විශ්වාසය අනුව, ඔබම නිරත විය යුතු, ඔබටම මහත් ඵල උරුම වන මතු සඳහන් පිළිවෙත් අනුගමනය කර අත්දැකීම් අනුව ඵල ලබාගැනීමට උනන්දු වන්න. මානසිකව වැටී සිටින ඕනෑම අයකුට ග්‍රීෂ්මයේ දැනෙන සීතල සුළඟක්‌ හා සමානව අපේක්‍ෂා කරන ඕනෑම අදහසක්‌ සඵල වන බව අත්දැකීමෙන්ම අවබෝධකර ගන්න.

මේ සඳහා භාවනා ක්‍රම පුරුදුවීමට හෝ බොහෝ සේ වියදම් කරමින් දුර බැහැර සිද්ධස්‌ථානවල යන්නට හෝ ඒ කිසිවකින් ඵල නොලැබුණේ යෑයි සිතා පසුතැවෙන්නට අවශ්‍ය නැත. එදිනෙදා නිරත වන කවර හෝ කාර්යයක්‌ පැහැදිලිව සන්සුන්ව අරමුණු කරගන්න. රැකියාවක නිරත වන අයෙකු නම් රැකියාවද, ගෘහණියක නම් මුළුතැන් ගෙයි හෝ දරුවන්ගේ කටයුතුද, ඉගෙන ගන්නා අයෙකු නම් ඉගෙනීම් වැඩද, වැඩිහිටි අයෙක්‌ නම් තම ජීවිතය ගැනද සිහියට නගාගන්න. නිරත වන කාර්ය ගැන පළමුව සිතන්න. කාර්යය ආරම්භ කරන්න. මෙය තම සහායකයන්ගේ හිතසුව පිණිස වේවා· යෑපෙන්නන්ගේ හිතසුව පිණිස හේතු වේවා· මතු පරපුරට ආදර්ශයක්‌ වේවා· ඵල ලබන අයගේ සැනසීමට හේතු වේවා· යනුවෙන් සිතන්න. නිරත වූ කාර්යය අවසන් වන විට ඔබ භාවනාවක නිරත වී ඇත. වගකීම් පවරාගෙන ඇත. යුතුකම් ඉෂ්ඨ කර ඇත. ස්‌වාමි - සේවක, අඹු - දරු, ඥති - මිත්‍ර සියලු දොනාටම ඵලදායි මෙහෙවරක නිරත වී ඇත. සියලු දෙනාටම ආදර්ශයක්‌ ලබාදී ඇත. මතු පරපුරට උපදේශකයකු වී ඇත. කල්‍යාණ මිත්‍රයෙක්‌ වී ඇත. ලද දෙයින් සතුටු වී ඇත. මනසික සහනය උදාකරගෙන ඇත. එබඳු සහනයක්‌ ලැබූ තැනැත්තාට ජීවනෝපාය මාර්ග සොයමින් පියාසර කරන්නට අවශ්‍ය වන්නේ නැත. ජීවත්වන පරිසර සම්පත්වලින් පිරුණු විමානයක්‌ බවට පත්වනු ඇත. ගෘහපතියා නම් අඹු දරුවන්ගේත් ගෘහණිය නම් ස්‌වාමියා සහ දූ දරුවන්ගේත්, දූදරු ශිෂ්‍යයන් නම් මව් පිය වැඩිහිටියන්ගේත්, ආයතනයක නම් එහි සියලු දෙනාගේත් ගමක නම් ගම්වැසියන්ගේත්, රටක නම් රටවැසියන්ගේත් දේශ දේශාන්තර වලත් ප්‍රසාද සහයෝගය ලැබෙනු ඇත.

යහපත් කාර්යයක නිරත විය යුතු බව සිතන්න. පහසුම කාර්යය බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීමයි. ඒ සඳහා අධිෂ්ඨානයක්‌ ඇති කරගන්න. මල් උයනට ගමන් කරන්න. මල් නෙලා ගන්න. මල් පැස දොaතින් ගෙන පූජා භූමියට යන්න. මල්පැස ආසනය මත තබා පූජා භූමිය පිරිසිදු කරන්න. පර වූ මල් ඉවත් කරන්න. දෙඅත් පිරිසිදු කරගෙන මල් වට්‌ටි පිළියෙල කරන්න. මල්වලට පැන් ඉසින්න. මල් වට්‌ටිය දොaතින් ගෙන පූජා කරන්න. නමස්‌කාර කොට තොරුවන් වන්දනා කර පන්සිල් සමාදන් වී පහන්, සුවඳ දුම් පූජා ගාථා කියවන්න. ත්‍රිවිධ රත්නය සහ සොලොස්‌මස්‌ථාන, බෝධීන් වහන්සේ, චෛත්‍ය රජාණන් වහන්සේ වන්දනා කරන්න, මළගිය ඥතීන්ට පින් දෙන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ත්‍රිවිධ රත්නය සමා කරගන්න. දෙවනුව බුදුගුණ භාවනාව කියවන්න. තුන්වනුව බුද්ධාදී මහෝත්තමයන් අනුගමනය කළ දාන ශීලාදී ගුණයන් මෙනෙහි කරන්න. සියලු දුක්‌ කරදර දුරු වීමට නපුරු මිනිසුන් සතුන් කීකරු වීමට, කිසිවකුගේ උපහාසයට ලක්‌නොවීමට ඒ ගුණයන් හේතු වූ බව මෙනෙහි කරන්න. බුදු රජාණන් වහන්සේ බුදුබව ලබා වසර 2600 ගත වී තිබියදීත් සිව්පසමයන් නොඅඩුව පූජා ලබන්ට, සිව්වනක්‌ පිරිසගේ වැඳුම් පිදුම් ලබන්නට, මෙනෙහි කළ සැනින් බය දුරු වන්නට ඒ ගුණයන් නොපිරිහී පවතින බව මෙනෙහි කරන්න.

ඔබට, ඔබේ පවුලේ අයට හෝ නෑදැයන් මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය ගැන සිතන්න. ඒවායින් ලද පීඩාවන් ගැන සිතන්න. වැටෙන්න එපා. නැගිටින්න අමාරුයි යන ආදර්ශ පාඨය සිහියට නඟාගන්න.

රාත්‍රී නින්දට යන්නට පෙර බුදුගුණ භාවනාව කියවන්න. පංච ශිල ආරක්‍ෂා වන ලෙස එදිනෙදා කටයුතු වල නිරත වන්න.

කිරින්ද - පුහුල්වැල්ලේ
රත්නලතා විදානපතිරණ

No comments:

Post a Comment