Saturday, November 5, 2011

කුම්හ,සිංහ,කන්‍යා,තුලා ලග්න හිමි අය සහ සෙනසුරු මහ දසා සහ සෙනසුරු අතුරු දසා ගෙවෙන අයට ආයුබෝවන්.

කොහොමද මේ දවස් ටික? ආතල් නේද?
සෙනසුරා කන්‍යාවේ නිවෘත ගමන අත අරින්ඩ යන ටයිම් එකේ පරිස්සමින් වැඩ කටයුතු කරන්ඩ උත්සාහ ගන්ඩ.අර යන යකා යන්නේ කොරහත් බිඳගෙන කියල කතාවක් තියෙනවනේ..මේ දවස් වල නැති ප්‍රශ්න , සිත් පීඩා නොසිතූ අකර තැබ්බයන්ට මුහුණ දීමට සිදු වන අවස්ථා එමටයි.

සෙනසුරාගේ කන්‍යාවේ නිවෘත ගමන නොවැම්බර් 15 වෙනිදයින් පස්සේ සෙනසුරාගේ රජ බවන වන උච්ච තුලා රාශියට සැපත් වෙනව.එතකන් ඉවසීමෙන් කටයුතු කරන්න.වලි දාගන්ඩ යන්ඩ එපා.අනුන්ට පොලු තියන්ඩ යන්ඩ එපා.කෙල්ලන්ට ඇස් රතුවෙන කින්ඩි දාන්ඩ යන්ඩ එපා.කෙල්ලෝ පස්සේ ගිහින් චාටර් කන්ඩ එපා.

විශේෂයෙන් ඉහත ලග්න සහ ( ඒරාෂ්ඨක ) දසා ගෙවන අය විෂේෂයෙන් ඒ ගැන සැලකිළිමත් වන්න.

No comments:

Post a Comment