Saturday, November 5, 2011

සෙනසුරු ඒරාෂ්ටකය හා සම්බුදු උපත

සෙනසුරු ඒරාෂ්ටකය විවිධ ආකාරයෙන් කේන්ද්‍රයන්හි යෙදේ. ඡන්ම ඒරාෂ්ඨක හත් අවුරුදු ඒරාෂ්ටක චන්ද්‍ර ඒරාෂ්ඨක අෂ්ඨව ඒරාෂ්ඨක වශයෙන් ජ්‍යෙdතිෂයෙහි යෙදෙන සෙනසුරු ග්‍රහ ගමන අනුව හැම ජන්මීන්ගේම ජීවිතයට බලපාන අයුරින් මෙම ඒරාෂ්ඨකවලට මුහුණදීමට සිදුවේ. සෙනසුරු පිනට කැමතිය යන විශ්වාසයක්‌ ඇත. ඒ වාගේම ඒරාෂ්ඨක කාලය තුළ සිදුවන පලවිපාක පෙරකල පින්පව් අනුව සිදුවන බව ජ්‍යෙdතිෂ හා සම්බන්ධවීමේදී සොයාගෙන ඇත.

මේ වෙසක්‌ පුර පසළොස්‌වක සමරණ 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිදුවූයේ වෙසක්‌ පුර පසළොස්‌වක දිනයේය.

උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ එවැනි ප්‍රබල ඒරාෂ්ටකයක්‌ යෙදීම බුදුරජාණන් වහන්සේ යනු මිනිසුන් අතරට පැමිණ අරුම පුදුම පුද්ගලයකු හෝ වෙනත් නිර්මාතෘ දෙවියකු නොවේ. මිනිසුන් අතර ඉපිද මිනිසුන් අතර හැදී වැඩී සියලු මිනිsස්‌ දුබලතා බිඳලු බැවින් සෙසු මිනිසුන් අතර උත්තරීතර මනුෂ්‍යයෙක්‌ මෙය උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පැහැදිලිව දිස්‌වේ. ගිනිගෙන දැවෙන සසරෙහි සැරි සරන සත්වයාට කුමන සැනසුමක්‌ද? කවර නම් සැපතක්‌ද? ලෝභ දේවේෂ මෝහයන්ගෙන් පිරුණු මුළු සක්‌වලම අවිද්‍යාවෙන් අන්ධව අසරණ වී සිටින බව උන්වහන්සේගේ මහා කරුණා ඇසට ලක්‌වූයේ මෙම ප්‍රබල සෙනසුරු ඒරාෂ්ඨකයේ ප්‍රතිඵලයෙකි. ගුරු මහ දශාව තුළ සියලු සැප සම්පත් ලබමින් සුවිසල් මැදුරු යහපත් විවාහ සැප සම්පත් පුත්‍ර ලාභ ආදිය නොඅඩුව ලබාදුන නමුත් සෙනසුරු මහදශාව ලබත්ම මෙම ප්‍රබල ඒරාෂ්ටකයේ ඵල විපාක තුළින් සියලුම සැප සම්පත් හැර දමා ශරීරයට දුක්‌ දෙමින් හිස මුඩුකර කසාවත් වස්‌ත්‍රපොරවා ගස්‌ ගල් තුළ ලගිමින් ගතකළ ජීවිතය ලෞකික සැප සම්පත් පිළිකුල්වීමට රජකුමරකුට හේතු වූයේ සෙනසුරු ඒරාෂ්ඨකය හා සෙනසුරු මහදසාව බව අපට පැහැදිලිව පෙනීයයි. මෙම උපත මහා බලවතකුගේ උපතක්‌ බව පැහැදිලිව පෙනේ. නමුත් සඳු හිමි කටක ලග්න හිමියාට අටවැන්න අධිපති නිසාත් ලග්නාධිපතිsගේ පරම සතුරෙකි. සෙනසුරු පාපියෙන් වේ. මෙම කේන්ද්‍රයෙහි සෙනසුරු බැලූ බැල්මට උච්ච බලයෙන් යුක්‌ත වුවත් අශුභ ග්‍රහයෙකි. මෙහි චන්ද්‍රයා ලග්නාධිපති සිව්වැන්නේ පීඩා විඳිමින් අශුභ දායකවේ. සෙනසුරු සදු ඒරාෂ්ඨකය හා කේතුගේ නැකතේ සෙනසුරු ගමන් කිරීමත් මේ අනුව ශුභඵල යටපත් කරගෙන උපතේදීම සෙනසුරු ඒරාෂ්ඨක යෙදීම හා සඳු පීඩාව උපන් සත්දිනදීම මට මියගිsය අතර ගුරු දශාව ලෞකික සම්පත් නොඅඩුව ලබාදුන්නේය.

සම්බුද්ධ චරිතාපදානය ගැන අප වඩාත් මෙනෙහිs කරන විට උන්වහන්සේ ලෝක සත්වයා වෙත කළ අප්‍රමාණ මෙහෙය මොනවට පැහැදිලි වෙයි. මුළු ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් අපමණ කාලයක්‌ සසරෙහි සැරිසරමින් දස පෙරුම්දම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත් කිරීමට මුල්ව ක්‍රියා කළේ ද සෙනසුරුය. හය වසරක්‌ දුෂ්කරක්‍රියා කර දුක්‌ විඳ ශරීරයට සියලු දුක්‌ දෙමින් තමාගේ ගැලවුම්කාරයා තමන් පමණයි යන අවබෝධය තුළින් සියලු දුක්‌ කරදර නිවාලීමේ මාර්ගය අවබෝධය ලබා දුන්නේ මෙම සෙනසුරු ග්‍රහයාගේ බලයෙනි. සියලු දුක්‌ කරදර නිවාලීමේ එකම සැනසුම අවබෝධ වීමට සෙනසුරු ග්‍රහබල හා ඒරාෂ්ඨකය තුළින් එකම සැනසුම අමාධර්මයයි. නිර්වාණයයි. වයස 35 යේදී සෙනසුරුගෙන් ලබාගත් සියලු දුක්‌වේදනා හා සසර ගමන අවසන් කරන මාර්ගය ලබමින් බුධ මහදසාවට පත්වී උන්වහන්සේ බුදුබවට පත්වූහ. බුධගේ රවි අතුරු දසා කාලයේ රවි උච්චක්‌ෂේත්‍රව දහවැනි ස්‌ථානයේ බුධ සමග රාජ්‍ය බලයෙන් පිහිටි මෙම ග්‍රහබලයේ ලෞකිකව සිටියත් රජකම් හිමිවේ. උන්වහන්සේ ලොව පුරා සිටින සියලු සත්වයාට දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය යන ත්‍රිවිධ ලෝකවාසී සකල සත්ව වර්ගයාටම නිවන් මග පෙන්වා දුන්නේය. බුධගේ ගුරු අතුරු දසාවේදී රන්මිල කෝටි ගණනක්‌ වටිනා කමින් සාදන ඡේතවනාරාමය ලැබී එහි වස්‌ විසූහ. වයස 52 කේතු මහදසාව ලැබුවේ මෙය සෙනසුරු දශාව හා ඒරාෂ්ඨක කාලය තුළ ලැබූ කටුක අත්දැකීම් රාශියකට මුහුණ දුන්නේය. නින්දා අපහාස ශාරීරික වේදනා චිංචමානවිකාව සම්බන්ධ මිනීමැරුම් චෝදනා වලටද අසුවූහ. මෙය සාමාන්‍ය මිනිසුන්ටද එම දසා වලදී එවැනිම පලවිපාක ලැබී ඇති බව අපට අත්දැකීම් වලින් දැන ගැනීමට හැකිවිය. වයස 59 යේදී සිකුරු මහ දසාව ලැබුවේය. අන්තිම වස්‌ සියල්ල ගතකර තිබෙන්නේ ජෙතවනාරාමයේ හා පූර්වාරාමයේය. සිකුරු ලෝකෝත්තර වශයෙන් සියලු සැපදුන්නේය. ග්‍රහ චාරයේ සිකුරු ලෞකික සැප සම්පත් දෙන විනෝදකාමී ග්‍රහයෙක්‌ වශයෙන් හඳුන්වයි. ඒත් උන්වහන්සේගේ අවසාන කාලය සිකුරුගෙන් ලෝක සත්ත්වයා වෙනුවෙන් ධර්ම අවබෝධය සඳහා ගතකිරීමට අවස්‌ථාව ලබා දුන්නේය. අවසානයේ රවි මහදශාවේ ගුරු අතුරු දශා කාලයේදී ඡන්ම භූමියෙන් ඈත කුසිනාරානුවර උපවර්තන සල් උයනේදී පිරිනිවන් පා වදාළ සේක. එවිට වයස 79 පසුකර 80 වට ලැබුවේය. මිනිසෙකු වශයෙන් ලද උත්තරීතර පදවියයි. ඒ උතුම් පදවිය ලැබිය හැකි වන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ මුළුල්ලේ සසර සැරිසරා බුදුකුරුදම් සුරාලීම තුළිනුයි. ඒ අසිරිමත් ගමන ලෝකෝත්තර වශයෙන් ලැබිය හැකි උත්තරීතර අවස්‌ථාවට පියවර නගන්නට සෙනසුරු ග්‍රහයාගෙන් වටිනා යමක්‌ ලැබුනු බව මෙම කේන්ද්‍රය පරීක්‍ෂා කිරීමේදී ජ්‍යෙdතිෂය ගැන දැනුමක්‌ ඇති නැති ජන්මීන්ට පවා එම කියමන සනාථවන බවද කාටත් වැටහෙනු ඇත. මෙවැනි ග්‍රහ බලපෑමක්‌ නැවත යෙදී ලෝකේ මිනිසෙකු උපදින්නේ තවත් කල්ප ගණනකට පසු උපත ලබන බුදුහිමි නමක්‌ පමණයි යන්න පරම සත්‍යයෙකි.

රුක්‌මණි විතානගේ

No comments:

Post a Comment