Friday, November 11, 2011

සෙනසුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද!

කන්‍යා ලග්නය


මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපේක්‌ෂා කරන්නේ කන්‍යා ලග්න හිමියන්ට ශනි මාරුව බලපාන ආකාරයයි.

කන්‍යා හිමියන්ගේ දෙවැන්න වූ තුලා රාශියට මෙහිදී ඇතුළුවන සෙනසුරු එහි උච්ච බලය ලබයි. පස්‌වන සහ හයවන භාවවලට අධිපති වෙයි.

කන්‍යා හිමියන්ට ගතවන්නේ සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයකි. ශනි මාරුවෙන් පසුව එම අපල තත්ත්වය බොහෝදුරට සමනය වනවා ඇත. ආදායම් මාර්ග පිළිබඳව තිබූ ගැටලු අඩුවේ. අමනාප වූ හිතවතුන් නැවත පෙර තත්ත්වයට පැමිණේ. හිතට පෙරට වඩා තරමක සහනයක්‌ ඇතිවන්නේය.

කන්‍යා ලග්න හිමි ශිෂ්‍යයින්ගේ ඉගෙනීමට තිබූ බාධා අඩුවේ. පෙරට වඩා ධෛර්යමත් වේ. නිදිමත, අලස, කම්මැලිගති පසුගිය වසර 2 1/2 පුරා පැවැති නමුත් ඒවා අඩුවී යයි. ඉගෙනීම උදෙසා පෙරට වඩා අධික වියදම් දැරීමට ද සිදුවේ.

කන්‍යා ලග්නය හිමි හැම දෙනාටම පොදුවේ බලනවිට ශනි වක්‍රව ගමන් කරන 2012 පෙබරවාරි හා මැයි හැර ශරීර සෞඛ්‍ය පිළිබඳව ගැටලු ඇතිවිය හැකියි. දකුණු ඇස පිළිබඳ ආබාධ, දත් රෝග, කන්වල රෝග, ශ්වසන රෝග විශේෂයි. 2013, 2014 ශනි වක්‍රවනවිට මෙම අපල යෙදේ. එමෙන්ම පවුලේ අයගේ ශුභ සිද්ධිය උදෙසා බොහෝ වෙහෙසවීමටද තැන්පත් ධනය වැය කිරීමට ද සිදුවන කාලයක්‌ බව පෙනේ. මුදල් ඉතිරි කිරීමට දැඩි ලෙස උත්සාහ ගත යුතු කාලයක්‌ද වනවා ඇත.

කෘෂි කර්මාන්තයේ යෙදෙන අයට ද ශුභයි. කෘෂි උපකරණ මිලට ගැනීමට ලැබේ. සෑහෙන ධනයක්‌ ඉතිරි කර ගැනීමට දැඩි වෙහෙසක්‌ ගන්නා බව දැකිය හැකිය. අල වර්ග වන බීට්‌, කැරට්‌, අර්තාපල්, මඤ්ඤොක්‌කා ආදී වගාවන්හි යෙදෙන අයට වඩා ශුභඵල ලැබේ.

එමෙන්ම ගෘහ කර්මාන්තයක්‌ වශයෙන් වළං සහ මැටි භාණ්‌ඩ නිෂ්පාදනය, ගඩොල් කර්මාන්තය හා සම්භාණ්‌ඩ ව්‍යාපාර කරන අයට ධනලාභ ලැබේ. ආදායම් පක්‍ෂය ඉහළ යයි.

කන්‍යා හිමි ආගමික නායකයන්, ගරුතර ස්‌වාමීන් වහන්සේලා අධ්‍යාත්මික දියුණුව කෙරේ යොමු වේ. භාවනා කටයුතුවලින් යහපත් ප්‍රතිඵල ලැබේ. අධ්‍යාපන අංශවලින් ද දියුණුව සැලසේ. නව ශිෂ්‍ය පරපුරක්‌ ඇතිවේ. ශිෂ්‍යයින් වෙනුවෙන් වෙහෙසවීමට ද සිදුවේ. ශිෂ්‍යන්ට කරදර, රෝගාබාධ නිසා ඒ වෙනුවෙන් කාලය වැය කරන්නටද සිදුවේ.

කන්‍යා හිමි මව්පියන්ට ශනි අපල හිමිවන නමුත් දරුවන්ගේ අසනීපයක්‌ හෝ සතුරු කරදරයක්‌ නිසා කරදර විඳීමට සිදුවේ. දරු උපත් අපේක්‌ෂාවෙන් සිටින අයට ඒ පිළිබඳ සෞඛ්‍ය ගැටලු ඇතිවීමට හේතුවේ. විවාහ සහකරුට 2012 මැයි දක්‌වා අපලයි.

කන්‍යා හිමි පෙම්වතුන්ට විවාහය සඳහා පසුගිය කාලයේ පැවැති බාධා ඉවත්වේ. පවුලේ එකඟතාවක්‌ ඇතිවේ. එහෙත් 2012 මැයි පසුවනතුරු විවාහයට ශුභ නැත. ඉන්පසුව විවාහ ස්‌ථිර වේ.

කන්‍යා ලග්නයේ අග නවාංශකවල උපන් අයට ඒරාෂ්ටක අපල නිමවීමට මාස කිහිපයක්‌ ගතවන අතර ශනි අපලයට අදාළ ශාන්තිකර්ම කරගත යුතුවේ. මීට සුදුසු ශාන්තිකර්ම නොවැම්බර් 4 වැනිදා දිවයින" නැකත" අතිරේකයේ පළ කරන ලදී. ඒ අනුව කටයුතු කරන්න.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්













 වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ගේ ශනි මාරුව සිදු වන්නේ කේන්ද්‍රයේ හයවැන්නටය. ඒ අතර රාහු හතේද කේතු ලග්නයේද ගුරු 12 ද ගමන් කරයි.

මේ අනුව කාලයක්‌ තිස්‌සේ ඔබට විරුද්ධව කටයුතු කළ රහස්‌ සතුරන් පරාජයට පත්වන කාලයක්‌ උදාවනු ඇත. විරුද්ධකරුවන් හා සතුරන් මර්දනය කළ හැකි ආකාරයට අමුතු බලයක්‌ ලැබේ. සටන්වලින්ද තරගවලින්ද ජය ලැබිය හැකිය.

මෙයට හේතු වන්නේ ජන්ම පත්‍රයෙන් කියෑවෙන උප පීඩක කර්ම ශක්‌තිය බලවත් වීමය. එනම් ජීවිතයට වරින් වර උදාවන සතුරු හා රෝගවලට හේතු වන අකුසල කර්ම යටපත් වීමයි.

මේ අනුව කාලයක්‌ පැවැති අසනීපවලින් සුවය ලැබේ. නිරෝගී වේ. ශරීර ශක්‌තිය වැඩි වේ. ධෛර්යය ලැබේ. ඉතා හොඳ මෙහෙකරුවන්ගේ සහයෝගය ලැබේ. තමන්ට කරදරයක්‌ව සිටි සේවක සේවිකාවන් ඉවත් වේ. ඒ වෙනුවට හිතවත් යහපත් සේවකයන් ලැබේ. ඔබට දැනට වඩා කිහිප දෙනකුට රැකියා අවස්‌ථා ලබාදීමටද උදව් දීමටද ඉඩ ලැබේ.

හිතට කරදරයක්‌ව පැවති ණය බරින් නිදහස්‌ වීමට ඉඩ සැලසේ. ඒවා ගෙවීමට අවශ්‍ය මුදල් සපයා ගැනීමට අවස්‌ථා උදා වන්නේය. සතුරන් මිතුරු වන කාලයකි.

මේ අතර 2012 මැයි දක්‌වා ඔබට තරමක්‌ අවිවේකී ජීවිතයක්‌ ගත කිරීමටද සිදු වන්නේ ගුරු දුර්වලව ගමන් කරන බැවිනි. ලැබෙන ආදායම වියදම් වීමටම කරුණු සැලසේ. කලට වේලාවට ආහාර ගැනීමටද නිදා ගැනීමටද බාධා වන ආකාරයට කාර්ය බහුල බව ඉස්‌මතු වනවා ඇත.

ඔබට විරුද්ධව ක්‍රියා කරන අය දුර්වල කිරීමට උසස්‌ අයගේ සහයෝගය ලැබේ. සතුරන්ට විරුද්ධව ඔවුන්ගේම දෛවය ක්‍රියාත්මක වන කාලයකි. වාසනාවන්ත කාලයක්‌ වේ. සමාජයේ ඔබේ හොඳ නම ප්‍රසිද්ධ වන කාලයකි. සේවකයන් විසින්ම ඔබේ හොඳ ප්‍රචාරය කරනු ඇත. තම අභිමතය පරිදිම වැඩ කිරීමට ඉඩ සැලසේ. ඉඩකඩම් පිළිබඳ නඩුවකට පැටලී සිටියේ නම් එයින් ඉදිරි වසර 2 1/2 තුළ ජය ලැබීමට කටයුතු යෙදෙනු ඇත.

එහෙත් 2012 පෙබ. 07 සිට මැයි 16 දක්‌වාද, 2013 පෙබරවාරි සිට ජූලි දක්‌වාද ශනි වක්‍රව දුර්වල වන කාලසීමාව තුළ මෙම ශුභඵල හීනකර තරමක්‌ අශුභ ඵල උදා කරනු ඇත.

ඔබේ කේන්ද්‍රයේ සෙනසුරු බලවත් නම් ශනිට අයත් කාක නීල මැණික්‌ ගලක්‌ ශනි කවචයෙන් ජීවංකර ශරීරයේ ස්‌පර්ශ වන සේ පැළඳීම මගින් වඩාත් ශුභඵල ඇති වන්නේය. නමුත් මෙය ජන්ම පත්‍ර පරීක්‌ෂාවක්‌ මගින් තහවුරු කරගත යුතුය. උපතින් ශනි දුර්වල නම් නිල් මැණික ඔබට ඉතා අහිතකර ප්‍රතිඵල දෙන බැවිනි.

වෘෂභ ලග්නය හිමි ළදරුවන් නිරෝගී වේ. ශිෂ්‍යයන්ට ඉගෙනීමට අවශ්‍ය උත්සාහය, ධෛර්යය ලැබේ. විවාහ අපේක්‍ෂකයන්ගේ විවාහ සිදු වේ. ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් ගවේෂකයන් වැනි අයට තම ඉලක්‌ක සපුරා ගැනීමට අවශ්‍ය චිත්ත ධෛර්ය හා සේවක සහයෝගය ලැබේ. ලේඛකයන්ගේ හා කලාකරුවන්ගේ කීර්තිය පැතිරේ. ව්‍යාපාරිකයන්ගේ සාර්ථක බව ලබා දේ. ආගමික නායකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා පැවිදි අයට තම ආධ්‍යාත්මික සංවර්ධනයට ඉවහල් වන ඉවසීම, ගැඹුරු ඥනය, තැන්පත් බව අතිශයින් බලවත් වූ ශනි ලබා දෙනවා ඇත. එහෙත් ඒ අහසේ දිස්‌වන ශනි නොව එම ග්‍රහයා නිවේදනය කරන ඔබගේ කුසල කර්ම ශක්‌තිය බවම වටහා ගැනීම මැනවි.

෴සෙනසුරු මාරුව෴




මෙම සුවිශේෂි ග්‍රහ මාරුව ඔයාට කොහොමද කියල බැළුවද..? ඔයාගේ ඉගෙනීම, රැකියාවේ තත්වය , ගෙදොර දොර තත්වය , ලෙඩ දුක් කරදර ගැන සැලකිළිමත් වුනොත් හොඳයි නේද..?


ශ්‍රී ලංකාවාසී ජනතාවටත් මුළුමහත් ලෝකයටමත් සුවිශේෂී බලපෑමක්‌ ඇති කෙරෙන සෙනසුරු මාරුව මෙම මස 15 දා ට යෙදේ. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා එසේ මාරුවන්නේ වසර දෙකහමාරක්‌ පමණ ගමන් කළ කන්‍යා රාශියෙන් තුලා රාශියටය. තුලා රාශිය සෙනසුරුගේ බලය උපරිම ලෙස ඇතිකරවන උච්ච රාශියයි. මෙම ග්‍රහ මාරුව සිදුවන්නේ වසර තිහකට වරක්‌ වන බැවින් සුවිශේෂී වෙයි.

සුවිශේෂී ග්‍රහ මාරුවක්‌ ලබන නොවැම්බර් මස 15 දා සිදුවන්නේය. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා එසේ මාරුවන්නේ වසර දෙකහමාරක්‌ පමණ ගමන් කළ කන්‍යා රාශියෙන් තුලා රාශියටය. තුලා රාශිය සෙනසුරුගේ බලය උපරිම ලෙස ඇතිකරවන උච්ච රාශියයි. මෙම ග්‍රහ මාරුව සිදුවන්නේ වසර තිහකට වරක්‌ වන බැවින් සුවිශේෂී වෙයි.

වැඩ කරන ජනතාව හෙවත් පීඩිත පංතිය නියෝජනය කරන ශනි උච්චවීම සේවකයා රජවීමක්‌ හා සමානය. එබැවින් මෙම ග්‍රහ මාරුව සිදුවීමෙන් පසුව තමන්ට සිදුවිය හැකි හොඳ නරක හෙවත් ශුභාශුභ දැනගැන්ම බහුතර ජනතාවගේ කැමැත්තයි. ග්‍රහ මාරුවක්‌ සෑම පුද්ගලයකුටම මෙන්ම පොදුවේ රටට ද, රජයටද විපක්‍ෂය හා අනෙකුත් විවිධ අංශයන්ට මෙන්ම කාලගුණයට ද කරන බලපෑම අනිවාර්යය වන අතර ජ්‍යෙdතිෂය ගොඩනැගී ඇත්තේද මෙම සිද්ධාන්ත සැලකිල්ලට ගැනීමෙනි.

නොවැම්බර් 15 දාට පසුව උදාවන වසර 2 1/2 කාලය ඔබට හා රටට කෙබඳු බලපෑමක්‌ ඇතිකරන්නේ ද යන්න විමසීමට මෙම ලිපිය යොදා ගනිමු.

සෙනසුරු තුලා රාශියට මාරුවන අතර එහි වසර 2 1/2 ගත කරන නමුදු පහත පරිදි එය විවිධ පිහිටීම්වල සිටිනු ඇත.

නොවැම්බර් 15 තුලාවට පිවිසීම, 2012 පෙබරවාරි 7 වක්‍රවීම, 2012 මැයි 16 (නැවත) කන්‍යා, 2012 ජුනි 25 නිවෘතවීම, 2012 අගෝස්‌තු 04 තුලා, 2013 පෙබරවාරි 18 වක්‍ර, 2013 ජුලි 08 නිවෘත, 2014 මාර්තු 04 වක්‍ර, 2014 ජුලි 21 නිවෘත, 2014 නොවැම්බර් 02 වෘශ්චිකයට මාරුවීම වශයෙනි.

මෙම ග්‍රහ මාරුව ගැන ශුභාශුභ විමසන විට කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රය, විශ්ව කේන්ද්‍රය, 2011, 2012, 2013, 2014 යන වසර වල සංවත්සර කේන්ද්‍ර, මෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ කේන්ද්‍රය, විපක්‍ෂ නායකතුමාගේ කේන්ද්‍රය සමග තත්කාල ග්‍රහචාරය විමර්ශනය කළ යුතු වන්නේ ය. ඔබට නැතහොත් පොදු ජනතාවට එය බලපාන ආකාරය ගැන දැනගැනීමට ලග්න 12 පිළිබඳ විමසිය යුතු වන්නේය.

අප රට පිළිබඳ සලකා බලන විට කුම්භ ලග්නයට අධිපති ශනි උච්චවීම ශුභපලදායක බව පෙනේ. මේ අනුව කාලයක්‌ තිස්‌සේ ජනතාව පීඩාවට පත් කළ බොහෝ ගැටලු වලට විසඳුම් ලැබෙනු ඇත. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවට ශුභ කාලයක්‌ උදාවේ. එමෙන්ම ගොවි කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාව රටේ දියුණුව පතා සාමකාමීව ශ්‍රමය වැය කරනු ඇත. ශ්‍රමිකයන් උදෙසා සහනදායක වැඩපිළිවෙළක්‌ දියත් වෙයි. කම්කරු රක්‍ෂණ ක්‍රම මෙන්ම සෞඛ්‍යාරක්‍ෂණය කෙරෙහි නව නීති පැනවෙනු ඇත. එමෙන්ම නූතන තාක්‍ෂණය කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට යොදාගන්නා අලුත් ක්‍රම ඇතිවේ. එමෙන්ම සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම කෙම් ක්‍රම නැකත් ආදිය කෙරෙහිද යොමුවනු ඇත. එමගින් ගොවිතැන දියුණුවී සශ්‍රීක වනු ඇත.

නව සොයාගැනීම් උදෙසා පර්යේෂණ කරන විද්‍යාඥයන්ට ශුභඵල අත්වේ. දේශීය ඉංජිනේරුවන්ට කැපීපෙනෙන තැනක්‌ ඇතිවේ. සිවිල් සහ යාන්ත්‍රික ඉංජිනේරු අංශවල කැපී පෙනෙන වර්ධනයක්‌ ඇතිවේ. ඊට සමානුපාතිකව වඩු සහ මේසන් කාර්මිකයන්ට ද ශුභ කාලයක්‌ උදාවේ.

ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තයට ශුභඵලදායක කාලයකි. උසස්‌ කාබන් ප්‍රතිශතයකින් යුතු ලංකාවේ මිනිරන්වලට ඇති විදේශ ඉල්ලුම ඉහළ යයි. මැණික්‌ පතල්කරුවන්ට ද ශුභයි. කාක නීල මැණික්‌ වැඩියෙන් ලැබෙන කාලයකි.

සම්බුද්ධත්ව ජයන්තිය සමරනු වස්‌ සිදුකෙරෙන විශාල පුද පූජා, විදුලි ආලෝක සැරසිලි වෙනුවට අධ්‍යාත්මික ගුණවගාව කෙරෙහි වැඩියෙන් අවධානය යොමු වේ. අභිධර්මය ඉගෙනීමටත් භාවනා කිරීමටත් බහුතර බෞද්ධයන්ගේ අවධානය යොමු වේ. ස්‌වාමීන්වහන්සේලා ද ධර්මය හා භාවනාව ප්‍රගුණ කිරීමටම පෙළඹේ.

අනෙකුත් ආගම් අතර දේව භක්‌තිය ද ඉහළ යයි. දේව පූජා පෙරහැර මෙන්ම දේවාල ඉදිකිරීම් ද වැඩිවන අතර ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ආනුභාවය පැතිරේ.

මුස්‌ලිම්වරුන් අතර දානයට වැඩි නැඹුරුවක්‌ පෙන්වයි. දිලින්දන්ට වැඩිපුර ප්‍රදානය කෙරේ. ලොව පුරා මුස්‌ලිම්වරුන්ට අපල කාලයක්‌ උදාවන බව අප විසින් දැනට මාස කිහිපයකට පෙර “දිවයින” මගින් අනාවරණය කළෙමු. කනගාටුවෙන් වුවද කිවයුතු වන්නේ වසර 2012 අවසන් වන තෙක්‌ මෙම තත්වයම පවතින බවයි.

අලි ඇතුන් පුනරුත්ථාපනය කිරිමට රජයේ දැඩි අවධානය යොමුවේ. අලි අනාථාගාර සංවර්ධනය කෙරේ. උසස්‌ කුළවල අලි ඇත් පැටවුන් බිහිවේ. මී කිරි නිෂ්පාදන කර්මාන්තය මෙන්ම උළු හා ගඩොල් කර්මාන්තවල විශාල ප්‍රගතියක්‌ අපේක්‍ෂා කළ හැකි වන්නේය. සම් භාණ්‌ඩ, පාවහන් නිෂ්පාදනය ඉහළ යයි.

උසස්‌ අධ්‍යාපන අංශවල තිබූ ගැටලු මඟහැරේ. විශේෂයෙන් ගණිත හා ඉංජිනේරු අංශවල සංවර්ධනයක්‌ ඇතිවේ. දේශීය ඉජිනේරුවන්ට, ගවේෂකයන්ට, ආගමික නායකයන්ට, සමාජ සේවකයන්ට. කම්කරු නායකයන්ට මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද ශුභ කාලයක්‌ උදාවේ. ගෘහ නිර්මාණ ශිල්පීන්ට ද ශුභයි. විහාර මන්දිර ආගමික මධ්‍යස්‌ථාන, චෛත්‍ය, බෝධි ප්‍රාකාර සංඝාවාස ඉදිකෙරේ.

මෙම ශුභඵල ශනි උච්චවීමෙන් ලැබෙන නමුදු ඉදිරි වසර 2 1/2 ඇතුළත ශනි දුර්වල වන අවස්‌ථා වලදී මෙම ශුභඵල හීන වන අතර කම්කරු ගැටලු, ගොවිතැන් පාළුවීම්, සුළි සුළං ආදී තත්ත්වයන් ඇති වීමට හේතු වේ. “උච්ච” ග්‍රහයකු “වක්‍ර” වන විට එම ග්‍රහයා “නීච” හෙවත් දුර්වල වන බව “උත්තරකාලා මෘත” හා “නාරද සංහිතා” ආදී පුරාණ ග්‍රන්ථවල දක්‌වා තිබේ. මේ අනුව මෙම ලිපියේ මුලින් සටහන් කර ඇති ශනි “වක්‍ර” වන කාල සීමාවල මෙම ශුභඵල හීන කරන බව පෙනේ. මේ කාලය ඇතුළත බස්‌නාහිර පළාත තුළ දැඩි සුළං තත්ත්වයක්‌ ද ඇති වීමට හේතු වෙයි.

මේ අතර ලංකා කේන්ද්‍රයේ 10 වැන්නේ රාහු සහ 4 වැන්නේ කේතු නීචව ගමන් කිරීම ද බාධාවක්‌ වෙති. රටට හා රජයට විරුද්ධව කෙරුන විදේශීය කුමන්ත්‍රණ, ඔත්තු බැලීම් රටේ කීර්තිය පළුදුවන ප්‍රචාර ඇති වීමට ද ඉඩ තිබේ.

තවද ශනි මාරුව සිදුවන්නේ කන්‍යා ලග්නය හිමි අයගේ ශනි ඒරාෂ්ටක අපලයන් අවසන් කරමිනි. එබැවින් ජනාධිපතිතුමාට මෙම අපල කාලය නිමවන බව පෙනේ. එහෙත් ඉහත ශනි වක්‍රවන 2012 පෙබරවාරි – මැයි අතර නැවත එය යෙදී නිමාවනු ඇත. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කේන්ද්‍රයේ ශනි අට වැන්නට පැමිණ එරාෂ්ඨක වීම සැලකිය යුත්තකි. ශනි මාරුව ලග්න දොළහට බලපාන්නේ මෙසේය.

මේෂ
මේෂ ලග්නය හිමි ඔබේ ජීවිතයට සහයෝගය දෙන අය අලුතින් එක්‌වේ. විවාහ අපේක්‍ෂාවෙන් සිටි අයගේ අරමුණු ඉටු වේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. විවාහ සහකරුට ද ශුභයි. නිවාස ඉදිකිරීම් වලට ශුභය. එහෙත් ඉදිරි වර්ෂය නිමවන තෙක්‌ රාහු 8 ගමන් කරන බැවින් උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග ඇති වීමට හේතුයි. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.

වෘෂභ
ශනි මාරුව සිදුවන්නේ ඔබේ කේJද්‍රයේ හය වැන්නටය. පැවැති අසනීපවලින් සුවය ලැබේ. සතුරන් පරාජය වන කාලයකි. නැතහොත් සතුරු කරදර අවසන් වේ. ණය වලින් නිදහස්‌ විය හැකි වේ. සේවක පක්‍ෂයේ සහයෝගය වර්ධනය වේ. තරගවලින් ජය ලැබේ. එහෙත් ගුරු 12 ගමන් කරන නිසා දැඩි අවිවේකී බවක්‌ පවතී.

මිථුන
පස්‌වැනි භාවයට යන සෙනසුරු එහි බලවත් වීමෙන් මිථුන හිමි ශිෂ්‍යයන්ට වෙහෙස මහන්සි වී ඉගෙනීමට සිත යොමු වේ. ප්‍රේම සබඳතා පවත්වන අයට විවාහයට මඟ සැලසේ. බලාපොරොත්තු නොවූ ආකාරයේ දේපළ ලාභ හිමිවේ. දරුවන් අපේක්‍ෂා කළ අයට දරු ලාභ ලැබේ. සමාජශීලී වේ. ව්‍යාපාරිකයන්ට ආයෝජන වලින් ප්‍රතිඵල ලැබේ. එහෙත් රාහු 6 ගමන් කරන බැවින් සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුය. රහස්‌ සතුරන් ඇති වේ.

කටක
හතරවැන්නේ ශනි උච්ච වේ. හිතේ ධෛර්යය හා උත්සාහය වැඩි වේ. විවාහ මංගල කටයුතු සාර්ථක වේ. ගොවිතැන් සාර්ථක වේ. නිවාස ඉදිකරමින් සිටි අයට ඒවා අවසන්කර ගැනීමට ලැබේ. කෞතුක දේ හා පැරැණි උරුමයන්ට හිත ඇදී යයි. මව්පස වැඩිහිටි ඥතිවරයන් සමඟ නව සබඳතා ඇති වේ. පැරැණි නිවාස අලුත් කරන කාලයකි.

සිංහ
ශනි අපල කාලය නිමා වෙයි. උත්සාහය මෙන්ම අධික වීර්යය ද ඇතිව ක්‍රියාකරයි. සහෝදරයන් හා අසල්වාසීන් අතර සබඳතා අලුත් වේ. සතුටුදායක ගමන් නිතර යෙදේ. සිංහ ලග්නය හිමි අයගේ විවාහ සහකරුට ද ශුභපලදායකය. කලින් පැවැති අසනිප සුව වේ. සිංහ හිමි ලේඛකයන්, චිත්‍ර ශිල්පීන්, සැලසුම් ශිල්පීන්, ඉංජිනේරුවන් හා පොලිස්‌ හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ඉතා ශුභ ඵල ලැබේ. නමුත් 2012 අග දක්‌වා නිශ්චල දේපොළ පිළිබඳ අවුල් හා මවුපියන්ට අපල ඇති වේ.

කන්‍යා
2009 සිට පැවැති ලග්න ඒරාෂ්ඨක අපල කාලය නිම වෙයි. රැකියා බාධා ඉවත් වේ. නිශ්චල දේපොළ පිළිබඳ දියුණුවක්‌ ඇති වේ. එහෙත් ඒරාෂ්ඨක අපලය අවසන් වීමට ජන්ම පත්‍ර අනුව මාස කිහිපයක්‌ ගත විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. තැන්පත් ධනය වැය වීමට කරුණු යෙදේ. කතාව නිසා පවුලේ අඩදබර හා හිතවතුන් අමනාප විය හැකි කාලයකි. ගුරු 8 ගමන් කරන නිසා දැඩි අවිවේකී බවක්‌ තිබේ.

තුලා
ලග්න භාවයේ ශනි උච්ච වීම ශුභයි. ධෛර්යය හා උත්සාහය කැප වී ක්‍රියාකිරීම, ඉවසීම යන ගුණාංග වැඩි වේ. වැඩිහිටියන්ගේ ප්‍රසාදය ලැබේ. ගෙදර දොර හා දරුවන්ගේ කටයුතුවල දියුණුවක්‌ ඇතිවන කාලයකි. නමුත් රාහු 2 බැවින් අධික වියදම් ඇති වීම 2012 අග දක්‌වා පවතිනු ඇත. මේ නිසා වියදම් කිරීමේදී දූරදර්ශී විය යුතුයි. මුදල් ආයෝජනය කරන ව්‍යාපාරවලින් ලාභ ලැබේ.

වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි 12 උච්ච වන අතර 2012 අග දක්‌වා රාහු ලග්නයේ නීචව ගමන් කිරීමත් ගුරු 6 ගමනත් එතරම් ශුභ නැත. වියදම් පාලනය කර ගත හැකි නමුදු නිතරම මානසික අසහනය, ව්‍යාකූල බව, කේන්ති යැම, විවාහ ගැටලු ඇතිවේ. මේ නිසා ශනි හා රාහු අපලවලට ශාන්තිකර්ම කර ගත යුතුය.

ධනු
11 ශනි උච්ච වීම ශුභයි. ආදායම් මාර්ග ඉහළ යයි. වැටුප් වැඩි වේ. උසස්‌ අයගේ ඇසුරට පත් වේ. ඉඩකඩම්වල දියුණුවක්‌ ඇති වේ. ගොඩනැඟිලි වැඩ ඇරඹීමට ශුභ කාලයකි. එමෙන්ම දරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ දියුණුවට කරුණු සැලසේ. ආයෝජනවලින් ලාභ ලැබේ. විදේශ ගමන් සාර්ථක වේ. අලුත් එහෙත් ගුණවත් වැඩිමහල් මිතුරන් ඇතිවන කාලයකි. ඉඩමක්‌ මිලට ගැනීමට සුදුසුම කාලයකි.

මකර
10 වැන්නේ ශනි බලවත් වීම ඉතා ශුභයි. තම ජීවිතයේ බැබලෙන කාලයක්‌ යෑයි කිව හැකි වේ. රැකියා වලින් උසස්‌ වේ. ව්‍යාපාර සාර්ථක වේ. සේවකයන්ගේ සහයෝගය උනන්දුව වැඩි වේ. උසස්‌ අයගේ ප්‍රශංසා ලැබෙන කාලයකි. නමුත් මෙම ලිපියේ මුලින් දක්‌වා ඇති ශනි “වක්‍ර” වන කාල සීමාවන්හිදී මෙම ශුභඵල හීන වී යයි.

කුම්භ
වසර 2009 සිට පැවැති සෙනසුරුගේ ඒරාෂ්ටක අපල කාලය නිමවීම ඇරඹේ. පෙරපින වාසනාව මතු වේ. භාග්‍යය දෙවිපිහිට ලැබෙන බව දැනෙන කාලයකි. ආගම භක්‌තිය ඉහළ යයි. උසස්‌ අධ්‍යාපනය පිළිබඳව කටයුතු කරන අයට ශුභඵල ලැබේ. පැවැති කරදර බාධක ක්‍රම ක්‍රමයෙන් නිම වනු ඇත.

මීන
මීන ලග්න හිමියන්ටද උදාවන්නේ ශනි ඒරාෂ්ඨක කාල සීමාවකි. වියදම් පැත්ත ඉහළ යනු ඇත. හිතවතුන් අමනාප වීම, ආදායම් පහළ වැටීම, සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි. මේ අපල 2012 මැයි සිට විශේෂයෙන් බලපානු ඇත. ශනි අපලයට අදාළ ග්‍රහ ශාන්තිකර්ම කරගන්න. ආගමික ජීවිතයක්‌ ගත කරන්න.

ඉහත ශුභාශුභ ශනිගේ මහ දශා හා අන්තර් දශා ගත කරන අයට වැඩිපුර දැනෙනු ඇත.

Saturday, November 5, 2011

සෙනසුරු මාරුව ඔබටත් රටටත් කොහොමද?

ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙන්ම රජයටත් මුළුමහත් ලෝකයටමත් සුවිශේෂී බලපෑමක්‌ ඇති කෙරෙන සෙනසුරු මාරුව මෙම මස 15 දා ට යෙදේ. මෙම ග්‍රහ මාරුව සිදුවීමෙන් පසුව ඇතිවිය හැකි ශුභඵල මෙන්ම අශුභ ප්‍රතිඵල ද මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

අංශක 360 වන රාශි චක්‍රය වටේ සම්පූර්ණ වටයක්‌ ගමන් කිරීමට සෙනසුරු ග්‍රහයාට අවුරුදු තිහක්‌ පමණ ගත වන්නේය. එබැවින් රාශි 12 කින් යුත් මෙම චක්‍රයේ එක්‌ රාශියක්‌ පසු කිරීමට අවුරුදු දෙකහමාරක්‌ පමණ ගෙවෙනු ඇත. ඒ ඒ රාශිවල පිහිටි පඨවි, ආපෝ, තෝජෝ ආදී ගුණ මෙම සෙනසුරුට ගැලපෙන ආකාරය අනුව ශුභ හා අශුභ රාශි නියම කර තිබේ. මෙවර සෙනසුරු මාරුවන්නේ තුලා රාශියටය. එය ඉතා ශුභ හෙවත් උච්ච රාශියයි. සෙනසුරු මීට පෙර වර්ෂ 1952 හා 1955 අතර ද, 1982-1985 අතරද තුලා රාශියේ ගමන් කර ඇත. මෙවර එය 2011 නොවැම්බර්ය සිට 2014 නොවැම්බර් 02 දින රාත්‍රි 8.57 දක්‌වා තුලා රාශියේ ගමන් කරන නමුදු වරින් වර වක්‍ර වීම් වලටද ලක්‌ වන්නේය. එනම් ආපසු ගමන් කරනවාත් මෙන් පෙන්වයි. මේ අනුව

2011 නොවැම්බර් 15 තුලා

2012 පෙබරවාරි 07 වක්‍රවීම

2012 මැයි 16 කන්‍යා

2012 ජුනි 25 නිවෘත

2012 අගෝස්‌තු 04 තුලා

2013 පෙබරවාරි 18 වක්‍ර

2014 නොවැම්බර් 02 වෘශ්චික යන අන්දමට ගමනේ යෙදෙනු ඇත.

සෙනසුරු මාරුවේ පල විපාක පිළිබඳව විමසන විට කේන්ද්‍ර ගණනාවක්‌ පිළිබඳව විමසීමට ද සිදුවේ. කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රය, විශ්ව කේන්ද්‍රය, 2011 සංවත්සර කේන්ද්‍රය 2012, 2013 සංවත්සර කේන්ද්‍ර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්ද්‍රය, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්ද්‍රය ඒ අතර සුවිශේෂී වන්නේය. ජනතාව කෙරෙහි ඇතිකරන විවිධ බලපෑම් ලග්න 12 අනුව සැලකිය යුතුවේ. මේ අනුව උදාවන ප්‍රතිඵල මෙසේ දැක්‌විය හැකිය.

ලංකා කේන්ද්‍රයේ 9 වැන්නට ඇතුළුවන ශනි එහි බලවත් වීම ශූභඵල උදාකරයි. කේන්ද්‍රයේ නමවැන්න භාග්‍යය, ආගම, උසස්‌ අධ්‍යාපනය, නීතිය, පතල් කර්මාන්ත, මිනිරන් ආදිය ගැන කියන තැනයි. සෙනසුරු ගොවි කම්කරු ජනතාව ඉවසීම, ගැඹුරු කල්පානව, ආදිය ගැන විස්‌තර කරයි.

මේ අනුව පොදු ජනතාවට හෙවත් පොඩි මිනිහාට ශුභ පල දායක කාලයක්‌ උදාවේ. රට කෙරෙහි ලැදියාවකින් හා කැපවීමෙන් ශ්‍රමය වැය කිරීමට ශ්‍රමිකයින් පෙළඹෙනු ඇත. වැඩවර්ජන සටන් ව්‍යාපාර අවම වේ. ඒ අතර කම්කරු හෙවත් ශ්‍රමිකයින් උදෙසා ශුභපල දායක තීරණ ක්‍රියාත්මක වේ. විනය වැඩි වර්ධනය වේ. ගොවිතැන් සශ්‍රීක වන අතර කෘෂිකර්මාන්තයේ පිබිදීමක්‌ ඇතිවේ. කෘෂිකර්මාන්තය උදෙසා නවීන තාක්‍ෂණය යොදා ගැනීම තවදුරටත් පුළුල් වේ. එමෙන්ම සාම්ප්‍රදායික පැරණි ගොවිතැන් ක්‍රම – කෙම්ක්‍රම – සාම්ප්‍රදායික වගාව කෙරෙහි වැඩි නැඹුරුවක්‌ ඇති වන්නේය. එමෙන්ම එයින් සාර්ථක ප්‍රතිඵල අත්වනු ඇත.

නව සොයා ගැනීම් පිළිබඳව වෙහෙසෙන විද්‍යාඥයන්ට ශුභඵල අත්වේ. නව විද්‍යාඥයින් බිහිවේ. ගවේෂණ කටයුතු පුළුල් වේ. මිනිරන් පතල් කර්මාන්තය ඇතුළු පතල් කර්මාන්තවල විශේෂ දියුණුවක්‌ ද, තෙල් ගවේෂණ කටයුතු වල විශේෂ සාර්ථකත්වයක්‌ද අපේක්‍ෂා කළ හැකි වන්නේය.

මැණික්‌ පතල් පිළිබඳව ද නවීන තාක්‍ෂණය යොදාගෙන කරන සංවර්ධන කටයුතු සිදුවේ. කාකනිල් මැණික්‌ වැඩියෙන් හමුවන කාලයකි. මැණික්‌ හා මිනිරන් පතල් සංවර්ධනය කිරීම උදෙසා වගකිවයුතු අයගේ අවධානය යොමු කළ යුතු කාලයක්‌ බව පෙනේ.

ආගම්වල බාහිර සැරසිලි, පුද පූජා, අලංකාරයට නොව අධ්‍යාත්මික දියුණුව කෙරෙහි වැඩිදෙනාගේ අවධානය යොමු වේ. බෞද්ධ දර්ශනයේ අභිධර්මය ප්‍රගුණකිරීමට වැඩි දෙනෙකු නැඹුරු වන අතර ස්‌වාමීන් වහන්සේලා අතරද අධ්‍යාත්මික සංවර්ධනය අපේක්‍ෂාවෙන් භාවනාව කෙරෙහි වැඩි නැඹුරුවීමක්‌ දක්‌නට ලැබේ. ජනතාව අතර අධික වියදම් කිරීමේ ප්‍රවනතාව අඩු වී සකසුරුවම් ගැන හිතන පිරිස්‌ වැඩිවේ. ඒ පිළිබඳව ප්‍රචාරය කෙරේ. ගෘහ නිර්මාණය පිළිබඳව කටයුතු කරන ශිල්පීන්, මේසන්, වඩු කාර්මිකයින්ටද ශුභඵල ලැබේ. විහාරස්‌ථාන, ආගමික මධ්‍යස්‌ථාන, චෛත්‍ය සංඝාවාස, බුදුමැදුරු, බෝධි ප්‍රාකාර ඉදිකිරීම් වැඩිවේ.

දේව භක්‌තියද ඉහළ යයි. දේවාල සංවර්ධනය කෙරේ. විශේෂයෙන් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ බලය අධික ලෙස පැතිරේ. එම දේව පූජා තැබීම් ද ඉහළ යයි.

අලි ඇතුන්ට පීඩා කිරීම්, ඝාතනය කිරීම් වැළැක්‌වීමට නව නීති පැනවේ. අලි ඇතුන් සංරක්‍ෂණය කරන වැඩ පිළිවෙළක්‌ ඇරඹේ. අලි අනාථාගාරවල පහසුකම් වැඩි කෙරේ. මී කිරි නිෂ්පාදනය, ගඩොල් කැපීම යන කර්මාන්ත වල ද දියුණුවක්‌ අපේක්‍ෂා කළ හැකිවේ. සම්භාණ්‌ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත වලද විශේෂ දියුණුවක්‌ ඇති වන්නේය.

එමෙන්ම අධ්‍යාපන අංශයෙන් බලන විට ගණිතය හා ඉංජිනේරු අංශවල උසස්‌ අධ්‍යාපනය සාර්ථකව සංවර්ධනය කෙරේ. දේශීය ඉංජිනේරුවන්ට විද්‍යාඥයින්ට ගවේෂකයින්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ශුභදායක වන්නේය.

එමෙන්ම අධිකරණය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ දැඩි පැහැදීමක්‌ ඇති වන්නේය. නඩු තීන්දු දීමේදී අපක්‍ෂපාතී හා දූරදර්ශී තීරණ ගන්නා බැවිනි.

ඉහත දක්‌වන ලද්දේ සෙනසුරු උච්ච වීමෙන් උදාවන සුබපල දායක අනාවැකි කිහිපයකි. එහෙත් මෙම නොවැම්බර් සිට උදාවන වසර 2 1/2 තුළ දී සෙනසුරු වක්‍රවන කාලය තුළ මෙම ශුභ පල දීමට බාධා ඇතිවේ. ග්‍රහයෙකු “වක්‍ර” වන විට උසස්‌ ශුභ ඵල ඇති කරන නමුදු උච්චව ගමන් කරන ග්‍රහයා වක්‍ර වනවිට නීච හෙවත් දුර්වල වන බව “උන්තරනාලාමෘන” නාරද සංහිතා” ආදී පුරාණ ග්‍රන්ථවල සඳහන්ය.

මේ අනුව 2012 පෙබරවාරි 07- මැයි 16 යන කාලය සහ 2013 පෙබරවාරි ජුලි 2014 මාර්තු – ජුලි යන කාල වකවානුවලදී ඉහත ශුභපල හීන කරමින් වැඩකරන ජනතාව අතර නොසන්සුන් බව මෙන්ම දැඩි සුළං ආදී කාලගුණික විපර්යාසයන් ද ඇති කරන බව පෙනේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බටහිර පළාත තුළ සුළි සුළං තත්ත්වයක්‌ උත්ත වකවානු වලදී ඇති වීමට ඉඩ තිබේ.

තවද සෙනසුරු මාරුව ගැන විමසන විට අනෙකුත් ග්‍රහයින් ගැන සම්පූර්ණයෙන් අමතක කළ නොහැක. මේ අනුව විශේෂයෙන් ලංකා කේන්ද්‍රයේ රාහු නීචව 10 හා කේතු නීචව 4 ගමන් කිරීම ශුභ දායක නොවේ. රහස්‌ සතුරු කුමන්ත්‍රණ, විදේශ ඔත්තුකරුවන්ගේ සතුරු කම්, අපකීර්තිමත් ප්‍රචාරයන් ඒ යටතේ ඇති විය හැකිය.

සෙනසුරු මාරුව සිදුවන්නේ ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රයේ ශනි ඒරාෂ්ටක අපල කාලයක්‌ නිමා කරමිනි. මේ අනුව එතුමාට මෙම ග්‍රහමාරුව ශුභ පල දායක නමුත් ලබන පෙබරවාරි මැයි අතර කාලය නැවත යෙදේ. විපක්‍ෂනායකතුමාග් කේන්ද්‍රයේ ශනි ගමන් කරන්නේ අටවන භාවයට බැවින් ඒරාෂ්ඨක අපලයන් උදාකරවයි.

ශනි මාරුව ඒ ඒ ලග්නවලට බලපාන්නේ මෙසේය

මේෂ ලග්නය – ශුභයි. අනුන්ගේ ආධාර උපකාර බොහෝ ලැබේ. විවාහ සහකරුට ද ශුභයි. රැකියා කටයුතුවල විශේෂ ප්‍රගතියක්‌ ඇතිවේ. විවාහ අපේක්‍ෂ කරන අයගේ විවාහ සිදුවේ. සතුරන් මර්දනය කෙරේ.

වෘෂභ ලග්නය – රෝගවලින් සුවය ලැබේ. රහස්‌ සතුරු කරදරයන් නිමවේ. ණය වලින් මිදිය හැකි වේ. තමන්ගේ බලය පෙරට වඩා වැඩිවේ.

මිථුන ලග්නය – මුදල් ආයෝජනය කර කරන ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දරුවන්ගේ කටයුතු දියුණුවේ. ඉගෙනීම සාර්ථක වේ. පෙරපින වාසනාව උදාවේ. ලොතරැයි ජය ලැබේ.

කටක ලග්නය – කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට බොහෝ ශුභයි. වතු පිටි පිළිබඳ දියුණුවක්‌ ලැබේ. පැරණි උරුමකම් තහවුරු වේ. මව් පියන්ගේ දේපළ තමන්ට ලැබෙන කාලයකි.

සිංහ ලග්නය – උත්සාහය, ධෛර්ය වැඩිවේ. අසල්වාසීන් හා සහෝදරයින්ගෙන් වෙනදාට වඩා සහයෝගය ලැබේ. විවාහ අපේක්‍ෂකයින්ගේ බලාපොරොත්තු සාර්ථක වේ. බාල සහෝදරයින්ට ශුභ කාලයකි.

කන්‍යා ලග්නය – මෙතෙක්‌ පැවති ඒරාෂ්ඨක අපල කාලය බොහෝ දුරට නිම වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. තැන්පත් ධනයත් ඉතිරිකර ගැනීමට හැකි වන්නේය. කලක්‌ පැවති අසනීප සුව අතට හැරෙනු ඇත.

තුලා ලග්නය – ලග්නයේ ශනි උච්චවීම ශුභයි. ගේ දොර ඉඩ කඩම් පිළිබඳ විශේෂ දියුqණුවක්‌ ඇතිවේ. අලුත් නිවාස ඉදිකර ගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කටයුතු සැලසේ. ව්‍යාපාර වලින් ලාභ ලැබේ.

වෘශ්චිත ලග්නය – ලග්නයේ රාහු ගමන්කරන නිසා තරමක්‌ දුරට ශුභඵල හීන කරයි. ධෛර්යෙන් කරන කටයුතු අන්තිම මොහොතේ සාර්ථකවේ. විදේශ ගමන් අපේක්‍ෂා කළ අයට එම බලාපොරොත්තු සාර්ථක වේ.

ධනු ලග්නය – ආදායම් මාර්ග ඉහළ යයි. අලුත් මිතුරන් ඇතිවේ. උසස්‌ අයත් ඇසුරට පත්වේ. උත්සාහය, ධෛර්ය ඉහළ යයි. රැකියා අංශවල ප්‍රගතියක්‌ ඇතිවේ.

මකර ලග්නය – රැකියාවේ උසස්‌ වීම් ලැබේ. උසස්‌ අයගේ මෙන්ම කනිෂ්ඨ සේවක පක්‍ෂයේද විශේෂ සැලකිළි ලැබේ. දේශපාලනයේ යෙදෙන මකර ලග්න හිමියන්ට විශේෂයෙන් සුබයි.

කුම්භ ලග්නය – පෙර තිබූ ඒරාෂ්ඨක අපලය නිමවෙනු ඇත. වාසනාව, භාග්‍යය, පෙරපින උදාවේ. ආගමික අංශයට විශේෂ නැඹුරුවක්‌ ඇතිවේ. ශුභයි.

මීන ලග්නය – වැය පක්‍ෂය අධික වේ. අන්තිම කැමැත්ත මත ධනය ලැබෙන කාලයකි. ශනි 8 ගමන් කිරීම නිසා තරමක්‌ අපලයි.

කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත් divaina

නවග‍්‍රහ ස්තෝත‍්‍රම් नवग्रह स्तोत्रं

ජපාකුසුම සංකාශං - කාෂ්‍යපේයං මහාද්‍යුතිං, තමෝරං සර්ව
පාපාග්ණං - දිවාකරං ප‍්‍රණමාම්‍යහම්

දදිශංඛ තුෂාරාහං - ක්‍ෂීරෝදාර්නව සම්භවං, නමාමි ශෂිණං සෞම්‍යං -
ශම්භෝර් මකුටභූෂණං

ධරණී ගර්භ සම්භූතං - විද්‍යුත් කාන්ති සම්ප‍්‍රභං, කුමාරං
ශක්ති හස්තං ච - තං මංගලං ප‍්‍රණමාම්‍යහම්

පියංගු කලිකාශ්‍යාමං - රූප්නෝ ප‍්‍රතිමං බුධං, සෞම්‍යං සෞම්‍ය
ගුණෝපේතං - තං බුධං ප‍්‍රණමාම්‍යහම්

දේවානං ච සෘෂිණාං ච - ගුරුං කාඤ්චන සන්නිභං, බුද්ධි භූතං
ත‍්‍රිලෝකේෂං - තං නමාමි වෘහස්පතිං

හිමකුන්ද මෘණාලාභං - දෛත්‍යනං පරමං ගුරුං, සර්වශාස්ත‍්‍රං
ප‍්‍රචක්තාරං - භාර්ගවං ප‍්‍රණමාම්‍යහම්

නීලාඤ්ජන සමාභාෂං - රවිපුත‍්‍රං යමාග‍්‍රජං, ඡායා මාර්තණ්ඩ
සම්භූතං - තං නමාමි ශනෛවරං

අර්ධකායං මහාවීරං - චන්ද්‍රාදිත්‍ය විමර්ධනං, සිංගිකා ගති
සම්භූතං තං - රාහු ප‍්‍රණමාම්‍යහං

පලාෂ පුෂ්ප සංකාශං - තාරකා ග‍්‍රහ මස්තකං, රෞද්‍රං
රෞද්‍රාත්මකං - ඝෝරං තං කේතු ප‍්‍රණමාම්‍යහං

සෙනසුරු ඒරාශ්ඨක අපලයට නිතර ගායනයට සුභ මහා මෘතුංජය මන්ත‍්‍රය

නෛක
ශ‍්‍රීන් විරාජමාන ශ‍්‍රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින්
විරචිත ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය රාවණා රජු විසින් ගායනා කිරීමෙන් හෙතෙම
අමරණීයත්වය ලැබූ බවත් රාම රාවණා යුද්ධයේ දී ඔහු පරාද කළ නොහැකි වූ විට රාම
කුමරු ඒ කවරේදැයි විමසා සිටියේය. එවිට පෙනී ගියේ විනාශයට අධිපති ශිව
දෙවියන් වෙතින් අමරණියත්වය වරම් ලබා ඇති බවයි. මෙතෙම ඒ සඳහා භාවිත කරන
ලද්දේ මෙම මෘතුංජය මන්ත‍්‍රය බව ශිව පුරාණයේ පැවසෙයි. අදද මෙම මන්ත‍්‍රය
භාවිත කිරීමෙන් සෙනසුරුගේ ඒරාශ්ඨක අපලයන්ගෙන් හා මාරක අපලවලින් අත්මිදිය
හැකි බව අත්දුටු සත්‍යයකි.

ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ
සුගන්ධිං පුෂ්ඨි වර්ධනං
ඌර්වාරුකමිව බන්ධනාං
මෘත්‍යෝර් මුක්‍ෂීය මාමෘතාත්

බලගතු බුද්ධ දැහැන

ජයෝහිස බුද්ධස්ස පිරිමතො අයං
මාරස්ස පාපිමතො පරාජයෝ
උග්ගොසයු බෝධි මණ්ඩෙ පමෝධිතා
ජයන් තදා දෙවඟනා මහේසිනො
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ගොසයුදං දෙවඟනා පසන්නා
එතෙන සච්ෙඡ්න ජයස්සු මයිහං
ඉන්පසු පහත සඳහන් බුදුගුණ ශාන්තිය තෙවරක් කියන්න

බුදු ගුණ ශාන්තිය

රහ දෝෂයන්ගෙන් සිදුවන අපල උපද්රව දුරුකර ගැනීම සඳහා මෙහි පහත දැක්වෙන බුදුගුණ ශාන්තිය උදේ සවස තුන්වර බැගින් කියවීමෙන් බොහෝ ගුණ ලැබෙන බව ඇත්දැක ඇත්තෙමු.

නමෝතස්ස....

ඉතිපිසෝ.....

සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛෝ බුද්ධානං උප්පාදෝ
බුදුවරයන්ගේ පහලවීම සැපතකි
බුදුවරයන්ගේ පහලවීම සැපතකි
බුදුවරයන්ගේ පහලවීම සැපතකි
බුදුගුණ අනන්තය
බුදුගුණ අනන්තය
බුදුගුණ අනන්තය
එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මුලයෙහිදි අතපත් අමාසුවය අතහැර මේ සසර දුක් විඳින අපමණ සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් එම සත්වයන් එම සසර දුකෙන් මුදවා ලනු පිනිස, මතු බුදුබව පතා ඇස් ඉස් මස් ලේ දන්දෙමින් සාරා සංඛ්යෙය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරූ අප මහා බෝසතාණන් වහන්සේ, වෙසක් මස පුර පසළොස්වක පොහොය දින අලූයම් වේලාවේදී උත්තර භාරතීය දඹදිව ගයා ශීර්ෂයේ වැඩ සිටි රී මහා බෝධීන් වහන්සේට පිටදී වජරාසනයේ වැඩහිඳ, දසබිම්බරක් වූ මාර සේනාව හා කෙලෙස් මරුන් පරාජය කොට, සියලූම කෙලෙසුන් සුන්කර දමා සම්මා සම්බුද්ධත්වයට පත් වූසේක. එසේ එදා සම්බෝධි මණ්ඩලයේදි සියලූම කෙලෙසුන් සුන්කර සම්මා සම්බුද්ධත්වය පත් වූ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේට මම දැන් වැළඳ නමස්කාර කර මගේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජාවේවා පූජාවේවා සාධු සාධු සාධු එසේම උන්වහන්සේගේ නිර්මල ධර්ම රත්නයටද වැඳ නමස්කාර කර මගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා පූජාවේවා පූජාවේවා සාධු සාධු සාධු. එසේම උන්වහන්සේගේ උතුම් සංඝ රත්නයටද වැඳ නමස්කාර කර මගේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජාවේවා පූජාවේවා සාධු සාධු සාධු.

එසේ එදා සම්බෝධි මණ්ඩලයේදී සියලූම කෙලෙසුන් සුන්කර සම්මා සම්බුද්ධත්වයට පත්වූ භාග්යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආඥා චකරය දසදහසක් සක්වල පවතින සත්යයේ බලයෙන් මගේ සෙනසුරු අපලය සහ සියලූම රහ දෝෂ දුරුවී, මටත් මගේ පවුලේ අයටත්, නිරෝගි භාවයත් දීර්ඝායුසත් ලැබේවා ලැබේවා ලැබේව



අනන්ත සංසාරයේ මාගෙන් යම් කිසි සත්වයකුට හෝ සත්ව කොට්ඨාශයකට අවැඩක්, අසාධාරණයක් සිදු වී තිබෙනවා නම්, මා මේ කරගත්ත පින හේතු කොට ගෙන ඔවුන් කෙබඳු භවයක, කෙබඳු උපතක සිටියත් මේ පින් විහිදි පැතිරි පිහිටාවා.”


තවද යහපත් වැඩ පිළිවෙලක් ලෝකයාට කරලා සිද්ධ කරලා දේවත්වය ලබා ඇති ග්රහ දේවතාවන්ටත් මා අද කර ගත්ත පින අනුමෝදන් වෙත්වා කියා අනුමෝදන් කරන්න පුලුවන්